Sunday, September 1, 2019


BMICH පොත් ප්රදර්ශනයට මාසයක්වත් නෑ ..
කියවන්න තෑගී දෙන්න හොද පොත් 📚
වයස , කැමැත්ත අනුව....
අපි කියවන සමහර පොත් තියෙනවා.. ඒවා ලස්සනයි.., ඒත් කියවලා ඉවර උනාම ජීවිතේට ගන්න දෙයක් නෑ.. 
හරියට මාලනී බුලත්සින්හල මහත්මියගෙ සින්දුවක කියනවා වගේ
බෝල ලොසින්ජර දිව රහ කෙරුවට...
ඒකෙන් ඇගට ගුනයක් දෙන්නෙ නැහැ වගේ. තාවකාලික රසයක් විතරයි
එත් වටිනා හොද පොත් තියෙනවා හැමදාමත් ජීවිතේට වටිනාකමක් , හරවත් දෙයක් ලබා දෙන.. ඇතැම් පොත් ජීවිතේට බලාපොරොත්තු දෙනවා. අපිව ජීවත් කරනවා.
ඉතින් මම හිතුවා එක එක වයස් ඛාන්ඩ වලට ගැලැපෙන හොද පොත් ටිකක් ගැන ලියන්න. 
පොත් අපේ නෙත් වගේ කියන්නේ .. පොත් තරන් වටින නිසානෙ. ඉතින් කාට හරි තෑගි දෙන්නත් පොත් කදිමයි.
20%
වගේ වට්ටම් ලබා දෙන මේ සාහිත්යය මාසේ පොත් එකතු කර ගත්තොත් පොකට් එකටත් වාසියි.
උපන්දිනයකට , අලුත් අවුරුද්දට , විතරක් නෙවෙයි ලෙඩ වෙලා ඉන්න කෙනෙක් බලන්න යනකොට වුණත් පොතක් අරන් යන එක වටිනවා.

10-15 අතර දරුවන්ට හොද පොත්
--------------------------------------------------------

1.
හරි පුදුම ඉස්කොලෙ - ලීලානන්ද ගමාච්චි
2.
සතුට බෙදන පොලියානා
3. Secret seven book series,
 
4. Lunch money book series
5. Anne frank's diary
6. Roald dhal'
ස් books
7. Oliver twist
8. Little women
9.
අපුරු යාලුවො- ලාල් ප්රේමනාත් මැල්
10.
දග මල්ල සහ අමුතු ඉස්කොලෙ ගන්ගා නිරොශිනී සුදු වැලිකන්ද.
11. Longman classics series : stage 1 ,2,3,4
12. Haidi
13. Little house on the praire by Laura I. wild
14.
ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද අතින් පරිවර්තනය වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ලියූ ලිට්ල් හවුස් කතා මාලාව
15. 7 habbits of effective teenager : Stephen Covey
16. Rich dad and poor dad: Robert Kiyosaki
17. Around the world in 80 days

Motivational English books
------------------------------------------------------

1. Screw it, lets do it by Richard Branson 
2. How to win friends and influence people :Dale Carnage
3. Life without limits : Nick Vujicic 
4. Unstoppable , the incredible power of faith in action by Nick Vujicic
5. How to stop worrying and start living :Dale Carnegie
6. Chicken soup for the soul and other books
7. One good deed- 365 days of trying to be just a little bit better by Erin M.
වෙනත් හොද පොත්
------------------------------------------------

1.
අපූගේ ලෝකය චින්තා ලක්ශ්මී සින්හ ආරච්චි
2.
අපරාජිත ජීවිතයක් චින්තා ලක්ශ්මී සින්හ ආරච්චි
3.
අරනකට පෙම් බැද :චින්තා ලක්ශ්මී සින්හ ආරච්චි
4.
ජයසේන ජයකොඩි මහතාගෙ කතා පෙල. පිච්ච මල, අරලිය මල් ආරාමය, සුදු නෙලුම, 
5.
තෙර තරනය ජයසේන ජයකොඩි
6.
නෝටී ශාන් - වෛද් පැතුම් කර්න්
7. Living an enriched life by Dale Carnegie
 
8. Who will cry when you die - life lessons from the monk who sold his ferrari by Robin Sharma
9.
දුවකගෙ කදුලු - සුරන්ගි අල්විස්
10.
එකොමත් එක දවසක - දයා අල්විස්
11.
අසිරි සිරිනි පොත් පෙළ - හේමන්ති සමරජීව
12. The Art of Stress Free Living
Regina Bonsel
13. Not without my daughter
14. Maha purushayekuta biridakwa
15. Ata massa or The gadfly
16. Anthima dumriya
17.
අප දෙදෙනා මද මහමුහුද : ඉසුරු චාමර සෝමවීර 
18.
මලක් කතා කරයි : ඉසුරු චාමර සෝමවීර

බුද්දාගම පොත්
---------------------------------

1.
මහ රහතුන් වැඩි මග ඔස්සේ පොත් පෙල ඉන්ද්රජිත් සුභසින්හ
2.
නියම බෞද්ධයා
3. Rerukane chandha wimala theros book series
4.
පසුතැවීම -කුකුල්පනේ සුදස්සී හිමි
5.
අතහැරීම: කුකුල්පනේ සුදස්සී හිමි
6.
ඉවසීම: කුකුල්පනේ සුදස්සී හිමි
7.
සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ - පරිවර්තනය සමරසිංහ ගුණසේකර

For young parents
---------------------------------

1. ඉස්කෝලෙට භාර දීම සරත් විජෙසුරිය
2.
ආදරනිය දෙමාපියනි සරත් විජෙසුරිය
3. 7 habbits of effective families by Stephen covey
4. The secrets of happy families by Bruce Feiler
5. Calmer, easier happier parenting by Noel Janice

චරිත කතා
---------------------------------

1. Richard Barnson's - Iosing my virginity
2. Nelson Mandela
3. Becoming : Michelle Obama
4. Meghan a hollywood princess by andrew mortan
5. I am malala by malala yousafzai
6.
කමලා දාස් මගේ කතාව :පරිවර්තනය කරුනාතිලක හදුන්පතිරන

කාව් පොත්
----------------

1.
කහට ගවුමක අයිතිකාරිය :කෞශල්යා ජයලත්
2.
එක කවියක් රුපියලයි : දේවිකා ගොවින්නගේ
3.
අනබිසෙස් අනබිනික්මන් : ලක්ශාන්ත අතුකෝරාල
4.
සමහර කමටහන් :ලක්ශාන්ත අතුකෝරාල
5.
කම්කරුවන්ගේ තේ වෙලාව :පරාක්රම කොඩිතුවක්කු 
6.
රශ්මි :පරාක්රම කොඩිතුවක්කු

කාට හරි හිතෙනවනම් දැ න් කලේ පොත් හරි ගනන්.. කාටද ඔවට සල්ලි තියෙන්නේ.. එහෙමත් නැත්නම් ඔයා ගොඩාක් පොත් කියවන කෙනෙක්නම් මහජන පුස්තකාලක සාමජිකත්වය ලබා ගන්න. රුපියල් 100 අඩුවෙන් අවුරුද්ද පුරාම පොත් කියවන්න පුලුවන්.
ඒකටත් අනේ මට වෙලාවක් නැහැනේ කියලා හිතෙන කෙනෙකුට පුලුවන් online පොත් කියවන්න. Free books තියෙන වෙබ් සයිට්ස් ඔනේ තරම් තියෙනවා..
Search
කරලා බලන්න. 
මටනම් පොත් කියන්නෙ මැජික් එකක්,. සතුටු සාගරයක්, භාවනාවක්..තත්පර කිහිපයකින් පොතක් එක්ක ලොකේ වටේ යන්න පුලුවන්.😍
ඔයාලා කියවපු හොද පොත් ගැන මාවත් දැනුවත් කරන්න ..ඒවත් මම මේ list එකට එකතු කරන්නම්.

Monday, August 26, 2019

සිංගප්පුරු චාරිකාවක් අඩු මුදලින් යන්න ප්ලෑන් කරමු ද ?


සිංගප්පුරු චාරිකාවක් අඩු මුදලින් යන්න ප්ලෑන් කරමු ද ? 

Singapore here we come!!!!
මම මේක ලියන්න ගත්තේ ගොඩාක් අයට මේ  ප්රශ්නේ  ඇති. මම වගේම travel කරන්න කැමති එත් budget එක ගැනත් හිතන අයට මේ  ලිපිය ප්රයෝජනයක් වේවි කියල හිතනවා. වැඩියෙන් මුදල් හා කාලය තියෙන අයට  මේක එතරම් ප්රයෝජනයක් නැති වෙවී..

*කාලය*
මම හිතන්නේ මේ  රට ඉතාමත් පොඩි රටක් නිසා දින 4 ක් හෝ 5 ක් හොඳටම ඇති. දින 3නකින් බලන්න  පුළුවන් උනත් එක හරිම කලබලකාරී වේවි. ලස්සන නිවාඩුවක් මොකටද නැති කර ගන්නේ.. අපේ වියදමෙන් ලොකුම ගන්න යන්නේ ටිකට් එකට..ඉතින් එක නිසා යන එකේ හොඳට රට තොට බලලා එන එක වටිනවා
මෙහෙ දේශගුණය ලන්කවට බොහෝ දුරට සමාන නිසාවුරුද්දේ ඕනෑම කාලයක් යන්න සුදුසුයි.හැබැයි September වල hotels වළ ගණන් ගොඩක් ඉහල යනවා කියල කියනව Singapore Grand Prix ඉවෙන්ට් එක නිසා.
මම නම් දෙසම්බෙර් යන්න කැමතියි..මොකද ඒ  කාලෙට සින්ගප්පුරු city එක හරිම ලස්සනයි.. හැන්දෑවකට ඔර්චාර්ඩ් මාවතේ ගමනක් හරිම සුන්දර අත්දැකීමක් .. ගොඩක් shopping malls වල හුඟාක් හොඳ discounts ලැබෙනවා ..

*ගෙනියන්න ඕනේ මොනවද ? *
මම නම් ඉස්සර ඉඳලම කොහේ ගියත් ගෙනියන දේවල් ගැන කලින්ම සැලකිලිමත් වෙනවා..trip  එකක් ගිහිල්ල අයියෝ අරක ගෙනවනේ නැහැනේ.. මේක ගෙනාවේ නැහැනේ කියලා පශ්චත්තාප වෙන්න මම කැමති නැහැ.ඉති මගේ පුංච් Note Book එකේ ලනකවේ ට ගෙනියන ලිස්ට් එකක් සහ පිටරට ටගෙනියන බඩු  ලිස්ට් එකක් තියෙනවා ... මගේ මුළු ලිස්ට් එකම මේකේ දාන්න පුළුවන් කමක් නැහැ...එක එච්චරටම detail. :) යන රට , එහෙ දේශගුණය, ඒ රටේ ඇති කෑම බීම වල විදිය අනුව බඩු ලිස්ට් එක පොඩ්ඩක් වෙනස් වෙනවා .
මම මගේ ලිස්ට් එකේ බඩු කීපයක් දාන්නම්
1. Passport & 2 photo copies
2. Phone and Charger
3. Power bank if you take photos and videos
4. Exchanged Money   & credit cards
5. Your name card with your hotel address and mobile
6. Few denims
7. Few casual tops
8. Good pair of walking shoes and socks
9. A shawl inside your backpack or handbag
10. A small water bottle
11. Some snacks
12. Your personal medicine kit
13. your toiletry pack
14. Sunglasses
15. Shopping list
16.Sunscreen and other lotions
17. Sri Lankan gifts for friends or hosts if you stay in homestays


*Flight  tickets *
වගකිවයුතු තැනකින් tickets ගන්න.. අඩු ගානට ගිහින් හොරුන්ට අහුවෙන්න නම් එපා කීප තැනකින් චෙච්ක් කරලා බලන්න. එයාලගේ ticket conditions තියෙන්නේ ගොඩාක් පොඩි අකුරින්..එක හොඳට කියවන්න.. meals ticket එකට ayithida ?එයාල ticket price එක විදියට දුන්නේ base fare එකද නැත්නම් total ticket price එකද අහන්න . හදිස්සින්වත් tickets date වෙනස් කරන්න උනොත් cost එකත් අහන්න..සමහර වෙලාවට ඒ cost එක ගොඩාක් වැඩි. weekend paththara වල tour agents ලගෙනුත් ideas ගන්න පුළුවන් . Internet  එකේ search කරන්න හොඳ deals online හොයාගන්නත් පුළුවන්.


*Transport in Singapore*
When visiting Singapore for a few days, I recommend getting the Singapore Tourist Pass EZlink that gives you unlimited travel on public buses and MRT trains for up to 3 consecutive days for just $30. A $10 deposit for the card is inclusive of the price and totally refundable.
නමුත් ඔබට කාලය ගොඩාක් අඩුවෙන් නම් තියෙන්නේ .. ඒ  වගේම ඔයා එක්ක දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවනම් meter taxi පාවිච්චි කරන එක ලාබ  වෙන්න පුළුවන්. මොකද සමහර විට ඇතැම් තැන වලට යන්න bus එකක් එනකම් ඉන්න කාලේ අපරාදේ.


*බැලිය යුතු තැන් *
මම දන්නා හුඟාක් ය සෙන්තෝසා වගේ හරිම ප්රසිද්ධ  තැන් බලනවා...එත් තව දේවල් තියෙනවා අපි බැලිය යුතුම.. විශේෂයෙන් ළමයි ඉන්නවනම්.
මේ තියෙන්නේ හැමෝම බලන සහ වැඩිය කට්ටිය හිතන්නේ නැති එත්  හරිම ලස්සන සහ අපිට ප්රයෝජනයක් වෙන ස්ථාන ලිස්ට් එකක් .
දවල් දවසේ open තැන් දවල්ට බලලා රෑටත් open නම් ඒවා රෑට බලන එකෙන් ඔයාගේ කාලය උපරිම විදියට පාවිච්චි කරන්න පුළුවන්.
////සෙන්තෝසා /////
බලන්න ගොඩාක් දේවල් තියෙනවා. එක නිසා එහෙට දවස් 2 ක් හෝ 3 ක් තියන්න වෙනවා
• S.E.A. Aquarium
• Madame Tussaud's Wax Museum
• Universal Studios
• Wings of Time
• Butterfly Park & Insect Kingdom
• Resorts World Sentosa
• Maritime Museum
• Trick Eye Museum
• Adventure Cove Waterpark
• Lake of Dreams
• Fort Siloso

සෙන්තෝසා වලට බස් එකේ , taxi  එකේ, cable car එකෙවගේම train  එකේ යන්න පුළුවන්.
There is a free shuttle bus service from Beach Station that runs regularly to all the attractions during opening hours. The Sentosa Express train (Sentosa Station) from Vivo City stops at Waterfront, Imbiah and Beach Stations on Sentosa. The Sentosa Express ticketing office is on Level 3 of Vivo City. Train ticket is $4.
Alternatively, there is a bus service RWS8 in front of Vivo City to Sentosa (bus fare is $1)

///Gardens by the Bay///
Location: 18 Marina Gardens Drive, Singapore 018953
Open: Daily from 5am to 2am
මෙතන නම් පුදුමාකාර ලස්සනක්. මිහිපිට දෙව්ලොවක් වගේ. අනිව්වර්යේන්ම යන්න. මම කියන්නනේ මෙතනට හවසට යන්න කියලා. හවසට යන එකේ වාසි කීපයක් තියෙනවා. Night lights බලන්න ගොඩාක් ය රෑට එනවා..එතකොට වාඩිවෙලා නිදහසේ ඉන්න තැනක් හොයාගන්න අමාරුයි ..අනිත් එක හවසට ගියාම garden එකේ daytime view එක බලලා රෑට lights එක්ක view එකත් බලලලම එන්න පුළුවන් නිසා. Your admission ticket offers full access to the waterfront gardens of Bay South, Bay East, and Bay Central, including the Cloud Forest and Flower Dome, and you can spend as long as you like exploring.

////Singapore Discovery Centre////
Location: 510 Upper Jurong Road, Singapore 638365
Open: Tuesday–Sunday from 9am to 6pm (closed on Mondays)
මේ රටේ ඉතිහාසය සහ විස්තර දැනගන්න තියෙන හොඳම තැනක් තමයි  මේ. පැය 2 ක් 3 ක් වගේ ඇතුලත බලා  ගන්න පුළුවන්

////Singapore Zoo/////
Good one for anyone. Check online and see the scheduled show times and plan your tour accordingly.
Online  ticket offers , family tickets සහ combo value ටිකට්ස් ගැන internet එකේ හොයලා අඩු  deals හොයා ගන්න
Location: 80 Mandai Lake Rd, Singapore
Monday -  Sunday : 8:30am – 6pm

////Jurong Bird Park ////
ලෝකයේ සිටිනකුරුලු  විශේෂ 5000 කට අධික ප්රමාණයක් මෙහෙදී බලාගන්න පුළුවන්
Location: 2 Jurong Hill, Singapore
Opening Hours:  Monday -  Sunday: 6pm (Last Entry- 5:30pm

////Casino///
Casino play කරේ නැති උනත් ඒ වගේ තැනක් නරබන්න යන එක ලොකු අත්දැකීමක් වේවි. එච්චරටම ලස්සනයි, කෑමත් ඉස්තරම්. තමන් එක ලිමිට් එකක් ඇතුව පොඩ්ඩක් විනෝද උනාට කමක් නැහැ. එකත් ලොකු අත්දැකීමක්.  

///KidZania Singapore///
Location: Rakan Riang Pte Ltd 1 Cove Avenue, Level 3, Block B #03-02
Open: Daily from 10am to 6pm
මේක ප්රයෝජනවත් වෙන්නේ අවුරුදු 3 සිට 10 දකවා වගේ ළමයි ඉන්න යට. ලේසියෙන් ළමයි වරුවක් දෙකක් විනෝද වෙන හොඳ experience එකක් ගන්න පුළුවන් තැනක්.

////The Singapore Flyer////
The Singapore Flyer is the world’s largest observation wheel. A one-of-a-kind experience and built over a 3-story terminal building, the Flyer is 150 metres in diameter, 165 metres high, and travels at 0.21m per second.
මේ ලගම තියෙන සුප්රසිද්ධ Raffels හෝටලයත් බලාගෙනම යන්න පුළුවන්.

///Orchard Road////
One of the city's most iconic streets, Orchard Road is the epicenter of shopping in Singapore and is similar to London’s Oxford Street or Hong Kong’s Nathan Road. So many shopping malls to checkout. There are food courts in all malls with all the cuisines in Asia. Try different food types.

///China Town///
Chinatown is known for its restaurants, its food shops, for clothes and sourvenier shopping. සිංගප්පුරුවේ අනිත් ප්රදේශ වලට සාපේක්ෂව පිරිසිදු කම මෙහේ අඩුයි කියල්ල මට හිතුනා. ටිකක් කලබල කාරියි.  එත් පොඩි වෙලාවකට බලන්න යන්න. Buddha Tooth Relic Temple එකටත් මේ ගමන්ම යන්න පුළුවන්. මෙතනට වදින්න යනකොට අර handbag  එකේ තියන් ඉන්න shawl  එක ප්රයෝජනවත් වේවි. නැතත් එයාලා එතනින් රෙදි සපයනවා. The architecture represents the Tang Dynasty of ancient Buddhist. The Temple complex has four storeys. But the real attraction is housed in the 4th floor of the Sacred Light hall. The Giant Stupa in which the Buddha Tooth Relic is perched weighs 3.5 tons and is made with 320 kgs of pure gold.
Location: 158 Telok Ayer Street

////Beer Making at Tiger Brewery////
This shows you the full course of beer making, an exciting interactive tour which includes ample beer tastings. You would be given to taste hops and several other ingredients prior visiting the packaging area in the brewery to look and learn the process of bottling. At Tiger Brewery, you can learn the insights of beer making; from milling to mashing and from fermentation to filtration.
Location: 459 JIn Ahmad Ibrahim Singapore 639934
Timing: Tuesday To Sunday : 1:00pm, 2:00pm, 3:00pm; 4:00pm, 5:00pm

/////Singapore Botanical Garden ////
Singapore Botanic Garden is listed in the World’s Heritage Sites. Free entry.
Location: 1 Cluny Rd, Singapore
Timing: Monday - Sunday :  5am–12am

///Bugis Street///
මම මෙතනට Shopping ගිහිල්ලා නැහැ..හැබැයි ගියපු ය කියනවා ගොඩක් ලාබෙට දේවල් ගන්න තියෙනවා යා යුතුමයි කියලා. Quality  එක ගැන මම කියන්න දන්නේ නැහැ මම ගිහිල්ලා නැති නිසා. ඊළඟ පාරවත් බලමු.
Location:  3 New Bugis Street, Singapore
Timings: Monday - Sunday:  11am - 11pm

////Little India///
Mini India is famous for its foods and Indian culture. Some of the famous shops in the district include traditional sari shops, goldsmith shops, and etc. the main festival in this region is Diwali when the streets light up with eye-catching colourful lights.
ඔයාට වෙලාව මදිනම් මේක ඇත ඇරියට කමක් නැහැ කියලා මම හිතනවා.

///Helix Bridge///
The footbridge, originally known as Double Helix Bridge connects the Marina Centre and South Marina Bay over the Singapore River. It is world’s first curved bridge and was opened to the public in 2010.
Today, the Helix Bridge is a prominent Landmark of the country. The Bridge’s look represents the human DNA structure depicting ‘rebirth and growth’ and is architected with intricate mesh and tubular designs. The length of the bridge is 280 meters long and is built using stainless steel weighing 650 tonnes. It is illuminated with hundreds of LED lights at night and is spectacular to gaze at.

////Esplanade Theatres On The Bay///
Nicknamed "The Durian" because of its resemblance to the smelly fruit, the Esplanade is a performing arts centre with all kinds of events and happenings. It contains theatres, a library, and various art galleries. ලස්සන නිර්මාණයක්.. එලියෙන් හරි බලාගෙන යන්න

///Science Centre///
Science Centre Singapore is an educational family attraction that was designed as a fun way to show kids about the wonders of science. You can easily spend a day here but don’t expect to be able to explore it all in a single outing as there are more than 1,000 interactive exhibits on display.  Open Daily from 10am to 6pm. මගේ දුව ගොඩාක් enjoy කරපු සහ ගොඩාක් දේවල් expereince කරපු place  එකක් මේ. ඉස්කෝලේ යන ළමයින්ව අනිවාර්යෙන් එක්ක යන්න. තව දවසක් යන්න තරම් වටිනවා.


*ටිප්ස්*
• පස්පෝර්ට් එකේ නුම්බෙර් එක සහ එකේ ඇතුලේ පිටුවේ, විසා පිටුවේ ෆොටෝ එකක් මොබිලේ එකේ තිය ගන්න.. එක ඔයාගේ Email එකටත් දල තියන්න්න... ඔයාගේ bags ඔක්කොම නැති උනත් එකෙන් ඔයාට ලොකු ප්රයෝජනයක් වේවි
• Do your shopping research before going there. A mall may has thousands of shops and you will not have time to go everywhere unless your main intention is shopping  . Search online and select the shops you really need to visit to.
• I use google maps a lot when I travel. It has saved a lot my money and time. Sometimes it shows short cuts and you can walk to places than taking taxis. When you know the road the taxi drivers will not take you unnecessary long tours.
• I also buy a local sim card with a data package as it helps me to take cabs, use google maps. If you fond of updating social media this would be helpful too. Most of the countries I visited data packages were cheap than Sri Lanka. :)
• I normally use credit cards(with a control) as I dont have to carry money a lot and easy for me to handle as i can check all my transactions whenever I want.
• If you plan to do shopping you need to have an idea of the current exchange rate and quickly convert and check if its worth to buy.
• You should have an extra cloth set in your hand carry bag in case if your check in luggages get a delay to arrive. So that you can survive a day without having to spend on buying new clothes.
• Finally Singapore laws are very strict and they really follow the rules and fine. For putting garbage it was about 100$ if I remember right. So act wisely. No Food Consumption on Public Transportation.
තව  මොනවද දැනගන්න අවශ්ය කිව්වොත් උත්තර දෙන්නම්